ප්‍රමුඛ පුවත 1

අධිවේගි මාර්ගයේ පෑලියගොඩ පිවිසුම තාවකාලිකව වසා දැමේ

(UTV| කොළඹ) – පෑලියගොඩ වටරවුම අසළින්, කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයට පිවිසීම සඳහා භාවිතා කරන පිවිසුම් මාර්ගය අද (04) සිට වසා දැමේ.

ඒ නව කැලණි පාලමේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙනි.

මේ අනුව අද(04) සිට ලබන 20 වන දා දක්වා තාවකාලිකව වසා දමන බව පොලීසිය පවසයි.

ඒ අනුව පෑලියගොඩ වටරවුම අසලින් කටුනායක දෙසට ගමන් ගන්නා රියැදුරන් එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය ඉල්ලීමක් කරයි.

කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ වාහන සුපුරුදු පරිදි ගමන් කළ හැකි අතර මාර්ගයට ඇතුලුවීමට සහ පිටවීමට වෙනත් පිවිසුම් භාවිත කළ හැකි බව ද පොලීසිය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්

Mohamed Dilsad

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති භාර ගනී

Mohamed Dilsad

Leave a Comment