ප්‍රමුඛ පුවත 1

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල: මියගිය පිරිස 214 දක්වා ඉහලට

(උදයම්, කොළඹ) – දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 25,000ක් පමණ තවදුරටත් සහන කඳවුරුවල රැදී සිටියි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ සහන කඳවුරු 226ක් තුල පවුල් 7,046කට අයත් පුද්ගලයින් 24,962 දෙනෙකු රැදී සිටින බවය.

පසුගිය දිනවල දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රීක්ක 12කට අයත් පවුල් 184,265කට අයත් පුද්ගලයින් 717,262 දෙනෙකු පීඩාවට පත් වු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙහිදී පුද්ගලයින් 214 දෙනෙකු මියගිය අතර තවත් පුද්ගලයින් 79 දෙනෙකු අතුරුදන්ව සිටියි.

මේ අතර ආපදා තත්ත්වයෙන් අනතුරුව සහන සේවා කටයුතු ත්‍රිවිද හමුදාව ඇතුළු පාර්ශවයන් විසින් සිදු කරනු ලබයි.

ආපදාවට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 165ක මුදලක් රජය මේ වන විට වෙන් කර තිබේ.

Related posts

ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට ලංකා සතොසෙන් සහනාධාර සැපයීමට පියවර

Mohamed Dilsad

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කෝටි6 මුදල් සමඟ අත්අඩංගුවට[PHOTOS]

Mohamed Dilsad

ජනවාරියේ සිට ජල බිල්පත කාඩ්පතෙන් ගෙවීමට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment