විදෙස්

ඇල්ජීරියා ගුවන් අනතුරින් 250 කට වැඩි පිරිසක් මරුට

(UTV|ඇල්ජීරියාව) – උතුරු ඇල්ජීරියාවේ සිදුවු ගුවන්යානා අනතුරින් පුද්ගලයන් 257 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

මෙම මියගිය සංඛ්‍යාව එරට රූපවාහිනී නාලිකාවක් විසින් ප්‍රකාශකර ඇත.

හමුදාවට අයත් මෙම යානය ගුවන්ගත වී සුලු මොහොතකින් අනතුරට ලක්වූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

කෙසේවෙතත් යානය අනතුරට ලක්වීමට හේතුවක් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැත.

ඇල්ජීරියා ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ මේ වන විට විශේෂ විමර්ශණයක් ආරම්භ වී ඇති බවයි.

එමෙන්ම මියගිය පුද්ගලයන්ගේ පවුල්වල ඥාතීන් වෙත කණගාටුව ප්‍රකාශ කරමින් අමාත්‍යංශය විශේෂ නිවේදනයක් ද නිකුත්කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජර්මනිය බරපතල විදුලි අර්බුදයක

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් අතර හමුවක්

Editor O

ජගත් සංවිධානයෙන් නොමිලයේ ලබාදෙන ප්‍රථම කොරෝනා එන්නත් තොගය ඝානාවට

Mohamed Dilsad

Leave a Comment