ප්‍රමුඛ පුවත 1

මිනිස් ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු පිරිසක් මලයාසියාවේදී අත්අඩංගුවට

(UTV| කොළඹ) –  මිනිස් ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මලයාසියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ශ්‍රී ලාංකිකයින් 8 දෙනාට අමතරව මලයාසියානු ජාතිකයින් තිදෙනෙකු ද වන බව වාර්තාවේ.

ඔවුන් විවිධ රටවල පුද්ගලයින් මලයාසියාවේ ක්වාලාලම්පූර් හි විවිධ ස්ථානවල රඳවා නීති විරෝධීව යුරෝපා රටවලට යැවීම සිදුකර ඇති බව සිදුකළ  විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වසරක පමණ කාලයක සිට ක්‍රියාත්මක කර ඇති මෙම මිනිස් ජාවාරම ජාත්‍යන්තර ජාලයක් ලෙස ව්‍යාප්ත වී ඇති බවද හෙළිව ඇත.

ශ්‍රී ලාංකිකයෙකු මලයාසියානු ගුවන් බලපත්‍ර යොදා ගනිමින් තායිලන්තයට යැවීමට ගත් උත්සාහයක් පිළිබඳ පොලිසියට තොරතුරු වාර්තා වීමත් සමඟ මෙම මහා පරිමාණ ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 8 දෙනා එරට ආගමන විගමන පනතට අනුව රඳවා තබාගෙන ප්‍රශ්නකිරීම් සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ වසරේදී කෝටි 13 අධික කුඩු අල්ලයි -ඇමති සාගල කියයි

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 8 ක් රෝහලට

Mohamed Dilsad

චමල් රාජපක්‍ෂත් මෙවර ජනාධිපතිවරණයට

Mohamed Dilsad

Leave a Comment