ප්‍රමුඛ පුවත 1

වැඩවර්ජනය අවසන් වෙයිද?

(UTV| කොළඹ) – වැඩවර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීම සම්බන්ධයෙන්අද (12) දිනය තුළ තීරණය කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එම කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්ලවත්තගේ මහතා සඳහන් කලේ අද දහවල් ඒකාබද්ධ කමිටුව රැස්වී ඒ පිළිඳව අවසන් තීරණයක් ගන්නා බවයි.
ලබන 17 වන දිනට පෙර සේවයට වාර්තා නොකරන සියලු විශ්වවිද්‍යාල පරිවාස, අනියම් සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සේවකයින් සේවය අතහැර ගියා සේ සළකන බව ඊයේ(11) නිවේදනයක් නිකුත් කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නේය.
ඊට අමතරව එදිනට පෙර සේවයට වාර්තා නොකර තවදුරටත් වැඩවර්ජනයේ යෙදී සිටින ස්ථීර සේවයේ නියුතු විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් වර්ජනයේ යෙදී සිටින කාල සීමාව වැටුප් රහිත කාලසීමාවක් ලෙස සැලකීමට ද කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශ්‍ය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ පරිපාලන නිලධාරීන් සේවා වලින් ඉවත් වෙයි

Mohamed Dilsad

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල අද සහ හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment