ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු දිවයිනට

(උදයම්,කොළඹ)  –  මානව අයිතිවාසිකම් සහ ත්‍රස්තවාදය පිටුදැකීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් පස් දින නිල සංචාරයක් සඳහා ලබන(10) දිවයිනට පැමිණිමට නියමිතය.
මෙම සංචාරයේදී ඔහු විසින් ත්‍රස්තවාදය පිටුදැකීමේ කටයුතු පිළිබඳ ක්ෂේත්‍රයන්හි මුලපිරුම් සහ ඒවා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනයට, ආරක්ෂා කිරීමට බලපාන ආකාරය පිළිබඳව තොරතුරු රැස්කිරීමට නියමිතය.
එම කරුණු ඇසුරෙන් සැකසූ වාර්තාවක් ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ජීනිවා මානව හිමිකම් කවුන්සිලයටද ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කරයි.
මීට අමතරව ඔහු දිවයිනේ ගතකරන කාලය ඇතුළත විදේශ කටයුතු, නීතිය හා සාමය, අධිකරණ, ආරක්ෂාව, මුදල්, මාධ්‍ය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කරවීම ආදි අමාත්‍යවරු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව බව වාර්තාවේ.

Related posts

ගෝඨාභයගේ කොන්ත්‍රාත්තුව භාර ගත් මාධ්‍ය ආයතනයක් [VIDEO]

Mohamed Dilsad

සරසවි සිසුවියට පිහියෙන් ඇන්න තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

Mohamed Dilsad

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment