ප්‍රමුඛ පුවත 1

ත්‍රීරෝද රථයෙන් මෝටර් රථයට මාරුවීමට රජයෙන් ලක්ෂ 20ක ණයක්…

(UTV| කොළඹ) – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ත්‍රීරෝද රථ හිමියන්ට කුලී රථ සේවයේ යෙදවීම සඳහා කුඩා මෝටර් රථයක් ලබා ගැනීමට රුපියල් ලක්ෂ 20ක ණයක් ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

වයස අවුරුදු 35 ට වැඩි ත්‍රීරෝද රථ හිමියන්ට මේ සඳහා අයැදුම් කළ හැක.

අදාළ ණය මුදල සඳහා වන පොලියෙන් 75% ක් රජය විසින් දරනු ලබයි.

මීට අමතරව විදේශ සේවා නියුක්තිකයන් වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන රුපියල් කෝටියක් දක්වා ණය පහසුකමක්ද ලබාදීමට නියමිත අතර එම ණය ආපසු ගෙවීමේදී වසර දෙකක සහන කාලයක් ලැබෙනු ඇත.

වසර 15ක් දක්වා මෙම ණය ආපසු ගෙවීමට කාලය ද ලබාදීමට කටයුතු සලසා තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌවට සහ මධ්‍යම පළාතට වැසි

Mohamed Dilsad

ප්‍රථම වරට සංචාරක හිතකාමී ටුක් ටුක් සේවාව අරම්භ වෙයි

Mohamed Dilsad

රටේ සාමය සහජීවනය රකින අපේක්‍ෂකයෙකුට සහය – ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

Leave a Comment