ක්‍රීඩා

ශතකය ගැන ආඩම්බර වෙමින් තිසරගෙන් සිව්දෙනෙක්ට තුති..

(UTV| කොළඹ) – නවසීලන්තය සමග දෙවැනි එක්දින තරඟයේදි තමා ලබා ගත් ශතකය පිළිබඳව ආඩම්බර වන බව එම තරගයේදි ලකුණු 140 ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත් වු තිසර පෙරේරා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

 ‘මේක මගේ පළමු ශතකය නිසා ඇත්තටම මම ගොඩක් ආඩම්බර වෙනවා. මම පසුගිය අවුරුදු අටේදීම ක‍්‍රීඩා කළේ අංක අට පිතිකරුවා විදිහට. නමුත් දැන් මාව අංක හත පිතිකරුවා වශයෙන් තල්ලූවක් දුන්නාට මම පුහුණුකරුවාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.’

එසේම දෙවැනි එක්දින තරගය පරාජය වුවහොත් ශ‍්‍රී ලංකාවට තරගාවලිය පරාජය වැළඳ ගැනීමට සිදුව තිබියදී තමා තනිවම අභියෝගය භාර ගනිමින් කණ්ඩායම දිනවීමට උත්සහ කළ ආකාරය පිළිබඳවද මෙහිදි අදහස් දක්වා තිබේ.

‘අවසන් කඩුලූ දෙක තිබුණත් මම එතනදි කිසිම දෙයක් සිතුවෙ නැහැ. මම වගකීම භාර ගත්තා. මම සඳකැන්ට සහ නුවන් ප‍්‍රදීප්ට කිව්වෙ මම පුළුවන් තරම් පන්දු පහම හෝ හයම ගහනවා කියලා. ඒ වගේම මගේ පිතිකරණ හැකියාව දියුණු කළාට පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ තිලාන් සමරවීරට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් දෙදෙනා නිතරම මට පන්දු විසි කළා. මේ ශතකයේ ගෞරවය ඔවුන් දෙදෙනාටත් හිමිවිය යුතුයි.’

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

Mohamed Dilsad

කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

ක්‍රීඩකයන් ආබාධයට ලක්වීම සම්බන්ධයෙන් මිකී ආතර්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment