ක්‍රීඩා

ක්‍රීඩකයන් ආබාධයට ලක්වීම සම්බන්ධයෙන් මිකී ආතර්ගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වූ පළමු ටෙස්ට් තරගයන් අතුරතුර දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනෙකු ආබාධයන්ට ලක්විය.

මෙම තත්ත්වය හමුවේ ඉදිරි ටෙස්ට් තරග වලදී ක්‍රීඩක ආදේශයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමගින් සාකච්ඡා සිදුකිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ප්‍රකාශ කොට ඇත.

” මම ICC ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙක්. මෙම තරගයෙන් අනතුරුව ඔවුන් සමග මේ පිළිබදව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මම දැක්ක ඕස්ට්‍රේලියා ඉන්දියා තරගයේදීත් වේගපන්දු යවන්නෙක් ආබාධයකට ලක් වෙනවා. නිරෝධනය නීති සමග කටයුතු කරද්දි ආබාධයන්ට ලක්වෙන්න තියෙන ඉඩකඩ වැඩී”

” අපිට තරගය අවසන් කරන්න වෙලා තියෙන්නෙ ක්‍රීඩකයන් හය දෙනෙක්ගෙන්. දෙවියන්ට ස්තුති වෙන්න අපි ක්‍රීඩකයන් 21ක් රැගෙන ආවෙ. එහෙම නොවුන නම් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට අංක 3 හා මට අංක 4 පිතිකරු වශයෙන් ඉදිරි තරගය ක්‍රීඩා කරන්න වෙයි.”

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 04 වන දිනය යෙදී තිබුණේ අද දිනයටයි.

 

 

Related posts

ක්‍රීඩාවටත් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

IPL 2021 : කිරුළ චෙන්නායි සුපර් කිංග්ස්ට

Mohamed Dilsad

මෙසී, ප්‍රංශ පාපන්දු සමාජයකට එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment