ක්‍රීඩා

ශ්‍රී ලංකාවට 372ක ඉලක්කයක්

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ බේ ඔවල් ක්‍රීඩාංගණයේදි අද (03) ආරම්භ වු පළමු එක්දින තරඟයේ (දිවා/රාත්‍රී) කාසිය වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 07 ක් දැවි ලකුණු 371 ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 372 ක් රැස් කළ යුතු වේ.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු 139 කදී ලකුණූ 138 ක් වාර්තා කිරිමට මාටින් ගප්ටිල් සමත් වු අතර නායක විලියම්සන් ලකුණු 76 ක් හා රොස් ටේලර් ලකුණූ 54 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග,තිසර පෙරේරා හා නුවන් ප්‍රදීප් කඩුළු 02 ක බැගින් බිඳ හෙලුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද 20යි විස්සේ නීති දැඩි

Mohamed Dilsad

සිංගප්පූරුව පරදා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ජයගනී

Mohamed Dilsad

ආසියානු හෙල්ල විසි කිරීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

Editor O

Leave a Comment