ප්‍රමුඛ පුවත 1

ජවිපෙ තවමත් ස්වාධීන තීරණයක

(UTV| කොළඹ) – ලබන 07 වනදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ස්වාධීනව සිටීමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඔවුන් මේ සම්න්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පක්‍ෂ නායක හමුවක් පැවති අතර මෙහිදී එක්සත් ජාතික පෙරමුණට 119 ක බහුතරයක් පවතින් බව අනාවරණය කෙරුණි.

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලිපි යොමු කරමින් මීට පෙර කතානායකවරයාගෙන් ඉල්ලා තිබුණි.

අනතුරුව කතානායක කරූ ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද හමු වී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර, එම කරුණු දැනුම්දීම සඳහායි මෙම පක්ෂ නියෝජිත හමුව කැඳවුණි.

මේ සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අමතරව එම පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් වන පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් සහ රිෂාඞ් බදියුදීන් එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මෙරට සමස්ත ආසාදිතයන් 2724 දක්වා ඉහළට

Mohamed Dilsad

විජයදාස රාජපක්ෂට වන්දි මුදල ගෙවන ලෙස ලේක්හවුස් ආයතනයට නියෝග.

Mohamed Dilsad

Leave a Comment