දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට සමස්ත ආසාදිතයන් 2724 දක්වා ඉහළට

(UTV| කොවිඩ් 19) –  මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2724 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ ඊයේ දිනයේදී තවත් ආසාදිතයන් 20 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

ඉන් 04 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර , ඔවුන්ගෙන් තිදෙනෙකු කහතුඩුව ප්‍රදේශයේද එක් අයෙකු පැල්මඩුල්ල ප්‍රදේශයේද පදිංචි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේය.

ඊයේ හඳුනාගත් අනෙක් ආසාදිතයන්ගෙන් 09 දෙනෙකු සෞදි අරාබියේ සිටද , 03 දෙනෙකු කටාර් සිටද , දෙදෙනෙකු ඉන්දියාවේ සිටද අනෙක් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටද පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිට තිඛේ.

ඒ අනුව කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිතයන් 561 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන ඇත.

 

Related posts

ජාතික රණවිරු සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

එකම බෝඩිමේ සිටි පිරිසකටම කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

ආනයනික සිමෙන්තිවල බදු ඉහළට

Mohamed Dilsad

Leave a Comment