ප්‍රමුඛ පුවත 1

විජයදාස රාජපක්ෂට වන්දි මුදල ගෙවන ලෙස ලේක්හවුස් ආයතනයට නියෝග.

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් ඔහුට රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් ලේක්හවුස් ආයතනයට එරෙහිව දුන් තීන්දුව ඊයේ (30) බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ස්ථිර කර තිබේ.

ලේක්හවුස් පුවත්පතක් මන්ත්‍රීවරයා පිළිබඳව පළ කළ ලිපියක් සම්බන්ධයෙන් 2010 වසරේ දී විජේදාස රාජපක්ෂ මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු ගොනු කරනු ලැබුවේය.

ඒක පාක්ෂිකව පැවති මෙම නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ දිසා අධිකරණය අදාළ ප්‍රවෘත්තිය තුළින් විජේදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට හානියක් සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙසත් ලේක්හවුස් ආයතනයට නියම කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව ලේක්හවුස් ආයතනය විසින් එම අභියාචනය ඉදිරිපත් කර තිබුණු අතර එය විභාග කල බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය මඟින් දුන් තීන්දුව ස්ථිර කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයින අවට තරංගාකාර කැළඹිලි ස්වභාවයක්

Mohamed Dilsad

යහපාලනය කළ කිසිඳු වැඩසහනක් තම රජයෙන් කරන්නේ නැහැ [VIDEO]

Mohamed Dilsad

වර්ෂාපතනයෙන් උතුරේ ජන ජීවිතයට දැඩි බලපෑම්

Mohamed Dilsad

Leave a Comment