විදෙස්

ඔබාමාට සහ හිලරිට තැපෑලෙන් ආ පාර්සල් මොනවද?

(UTV|ඇමෙරිකාව) – හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් සොයා ගැනීමට එරට බුද්ධි අංශ සමත් වූ බව විදෙස් වාර්තා පවසයි.

මෙම පාර්සල් නිව්යෝක් හි පිහිටි ටයිම් වෝනර් ගොඩනැගිල්ලේ අන්තර් ලිපි හුවමාරු මධ්‍යස්ථානයක් වෙත ලැබී තිබේ.

අදාළ පාර්සල් පරීක්ෂා කරන අතරතුර එහි පුපුරණ ද්‍රව්‍ය ඇති බවට හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

අනතුරුව අදාළ ගොඩනැගිල්ලේ සියලූ පිරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට බලධාරින් කටයුතු කර ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවීමත් සමඟ ඔබාමාගේ සහ ක්ලින්ටන්ගේ නිවාසවල ආරක්ෂාව ද තර කිරීමට එරට බලධාරින් කටයුතු කර තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා මැඩීමට අමෙරිකාවෙන් ලංකාවට ඩොලර් ලක්ෂ 13 ක්

Mohamed Dilsad

පාකිස්තානය සබ්මැරීනයක සිට මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

ඉරාකයේ වෙළඳ සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.25ක් මරුට

Mohamed Dilsad

Leave a Comment