ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය සමීර සේනාරත්න අධිකරණය හමුවට යාමට සුදානම්

(උදයම්,කොළඹ)  – ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවට චෝදනා එල්ල කරන පාර්ශව වලට එරෙහිව අධිකරණය හමුවට යන බව සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ විදේශගතව සිටි යළි දිවයිනට පැමිණිමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සහ එහි වෛද්‍ය පීඨයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සමීර රේනුක සේනාරත්න වෛද්‍ය සභාවේ ලියාපදිංචි අයෙකු නොවන බව පසුගියදා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අතර, පසුගිය 20 වනදා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කළේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රේණුක සමීර සේනාරත්න තමන් යටතේ ලියාපදිංචි වූ වෛද්‍යවරයෙකු නොවන බවයි.
නමුත් වෛද්‍ය සමීර සේනාරත්න පවසන්නේ විදෙස් විශ්වවිද්‍යාලයකින් තමන් ලබා ගත් වෛද්‍ය උපාධිය වෛද්‍ය සභාව විසින් පිළිගෙන ඇති බවයි.

Related posts

පවතින නියගයෙන් ලක්ෂ 6කට වැඩි පිරිසකට පීඩා

Mohamed Dilsad

එක්සත් ජනතා සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ සුහද හමුවක්

Mohamed Dilsad

ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්

Mohamed Dilsad

Leave a Comment