ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය සමීර සේනාරත්න අධිකරණය හමුවට යාමට සුදානම්

(උදයම්,කොළඹ)  – ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවට චෝදනා එල්ල කරන පාර්ශව වලට එරෙහිව අධිකරණය හමුවට යන බව සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ විදේශගතව සිටි යළි දිවයිනට පැමිණිමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සහ එහි වෛද්‍ය පීඨයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සමීර රේනුක සේනාරත්න වෛද්‍ය සභාවේ ලියාපදිංචි අයෙකු නොවන බව පසුගියදා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අතර, පසුගිය 20 වනදා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කළේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රේණුක සමීර සේනාරත්න තමන් යටතේ ලියාපදිංචි වූ වෛද්‍යවරයෙකු නොවන බවයි.
නමුත් වෛද්‍ය සමීර සේනාරත්න පවසන්නේ විදෙස් විශ්වවිද්‍යාලයකින් තමන් ලබා ගත් වෛද්‍ය උපාධිය වෛද්‍ය සභාව විසින් පිළිගෙන ඇති බවයි.

Related posts

අනුරාධපුර දිස්ති‍්‍රක් විශේෂ පරිසර සමුළුව හෙට ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ක්‍රයිස්චර්ච් හි ත්‍රස්ත ප්‍රහාර ගැන ජනපති,අගමැති,විපක්‍ෂ නායක ශෝකය පල කරයි

Mohamed Dilsad

ඩෙංගු අවම කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ඇමැති රාජිතගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment