ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනේ.

ධීවරයින් හය දෙනෙකු ඩෙල්ෆ් දූපත ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සිව්දෙනා මන්නාරමට උතුරෙන් වු මෙරට මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා සඳහන් කළේය.

අදාළ ධීවරයින් පැමිණි යාත්‍රා දෙකක් ද නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා වැඩිදුර විමර්ශන සඳහා යාපනය සහ මන්නාරම ධීවර  පරීක්ෂක කාර්යාල වෙත බාරදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Related posts

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ 2ම ලංකාව ගැන අදහස් දක්වයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment