ප්‍රමුඛ පුවත 1

මැකලම් පිවිසුම් උද්‍යානය ජනතා අයිතියට.

කොළඹ නගරයේ පිහිටි මැකලම් පිවිසුම් උද්‍යානය ප‍්‍රතිසංස්කරණයෙන් පසු අද ජනතා අයිතියට පත්කෙරුණි. එම උද්‍යානය රුපියල් මිලියන 85 ක වියදමින්  ප‍්‍රතිංස්කරණ කටයුතු සිදු කර තිබේ.

නැගෙනහිර බේරේ සහ කොළඹ වරාය සම්බන්ධ කරන ඓතිහාසික මැල්කම් ලෝක්ගේට්ස් අන්තර්ගත වන මැල්කම් උද්‍යානය මීට වසර 60 කට පෙර ස්ථාපිත කෙරුණි.

වරාය හා බේරේවැව පිහිටා තිබු ගබඩා සංකීර්ණ වෙත එකල බත්තල් මගින් භාණ්ඩ ප‍්‍රවාහනය මැක්ලම් ඇල මාර්ගය ඔස්සේ සිදුකර ඇත.

එමෙන්ම කොළඹ නගරයේ ගංවතුර පාලනයටද මැල්කම් ඇල මාර්ගය සහිත මේ ප‍්‍රදේශය ඉතා වැදගත් එකකි.

මැක්ලම් පිවිසුම් උද්‍යානයට කොළඹ වරායට විවෘත වන ඓතිහාසික ලොක්ගේට් 3 සහ කොළඹ වරාය සම්බන්ධ සමුද්‍ර කෞතුකාගාරයක් අයත් වන අතර එහි ආහාරපාන සහිත විවේකාගාරයක්, සනීපාරක්ෂක පහසුකම් සහ වාහන නැවැත්විමේ පහසුකම්ද මෙහි ජනතාවට සලසා තිබේ.

Related posts

අමිත් වීරසිංහ යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

Mohamed Dilsad

ඇමති රිෂාඩ් වව්නියාව සතොස ශාකාව හදිසියේ නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

ජනප්‍රිය ගායක රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment