විදෙස්

යුරෝපයේ අධික ශීතලෙන් විසිදෙනෙක් ජීවිතක්ෂයට

යුරෝපයේ අධික ශීතලට නිරාවරණය වීමෙන් පසුගිය දින දෙක තුළ පුද්ගලයෝ විසිදෙනෙක්  ජීවිතක්ෂයට පත් වෙති.

යුරෝපයේ මෙවර ශීත ඍතුව අසාමාන්‍ය වන අතර පෝලන්තයේ දසදෙනෙකු මියගොස් ඇත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 14 ක ශීතලට නිරාවරණය වීමෙනි.

ගතවූ පැය 48 තුළඉතාලියේ  පුද්ගලයන් හත්දෙනෙකුද අධික ශීතල නිසා  මියගොස් ඇති අතර, ඉන් පස්දෙනෙක් නිවහන් නොමැති සංක්‍රමණිකයන් බවද වාර්තාවේ.මුළු යුරෝපයම පාහේ මේ වනවිට හිම තට්ටුවකින් වැසී ඇති අතර, මොස්කව් නුවර රාත්‍රියේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 30 ක පමණ අඩු අගයක් ගන්නා බව විදෙස් වාර්තා සදහන් කරයි.

Related posts

චීන නැව අද කොළඹට

Mohamed Dilsad

ඉන්දියාවේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

Mohamed Dilsad

තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ නිලධාරීන් 8ක් මියයයි

Mohamed Dilsad

Leave a Comment