ප්‍රමුඛ පුවත 1

ජනපති පදවි ප්‍රාප්තිය දෙවන වර්ෂ පුර්ණය වෙනුවෙන් වැඩසටහන් රැසක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට 6 වැනි විධායක ජනපතිධුරයට පත්විමේ දෙවර්ෂ පූර්ණය අදට යෙදි තිබේ.

ඒ වෙනුවෙන් විශේෂ ආගමික හා සංවර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාවට නැංවේ.

මේ අතර ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඞී බන්ඩාරනාගය මැතිදුන්ගේ 118 වැනි ජන්ම දින සැමරුමද අදට යෙදි තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගාලූමුවදොර පිහිටි බණ්ඩාරනායක ශ‍්‍රි මතාණන්ගේ පිළිරුවට අද පෙරවරුවේ මෙලෙස පුෂ්පෝපහාරය පුදකළේ එතුමන්ගේ 118 වන ජන්ම දිනය නිමිත්තෙනි.

1898 වසරේ ජනවාරි 8 වැනිදා උපන් බණ්ඩාරනායක මැතිදුන් ආසියාවේ රිදි සිනුව ලෙස ප‍්‍රකට කෘතහස්ත දේශපාලඥයෙකි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුරෝගාමියාවු එතුමන් මෙරට දේශපාලනයේ ස්වර්ණමය යුගයක් සටහන් කළ නායකයෙකු ලෙසයි ඉතිහාසයට එක්වෙයි.

මේ අතර අදට යෙදෙන මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ජනාධිපතිධුරයේ දෙවර්ෂ පුර්ණය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහනක් අද කොටුව ජනාධිපති මන්දිරයේදි පැවැත්වුණි.

මේ අතර එම දෙවර්ෂ පූර්ණය සනිටුහන් කිරීම වෙනුවෙන් තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික සභාව අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදි පැවැත්වේ.

Related posts

සුදු වෑන් කතාන්දරය බොරුවක් නොවේ – හිරුනිකා [VIDEO]

Mohamed Dilsad

කප්පාදුවකින් තොරව විදුලිබලය සැපයීම ගැන ජනපතිගේ අවධානය

Mohamed Dilsad

ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ වීදුරුමය සෑ රදුන් ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment