ප්‍රමුඛ පුවත 1

ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ වීදුරුමය සෑ රදුන් ජනපති අතින් විවෘත කෙරේ

ගම්පහ, මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් වීදුරුමය සෑරදුන් වහන්සේ විවෘත කිරීම සහ සෑමළුවේ මංගල ශිලාව පිහිටුවීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.

විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍යපාද කැටවල හේමාලෝක නායක ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව සෑ රදුන් විවෘත කළ අතර එහි තැන්පත් කර ඇති සධාතුක කරඬුවට පුෂ්පෝපහාර ද දැක්වීය.

සෑ රදුන් නිර්මාණය කිරීම සඳහා දායකවූවන්ට තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය කැටවල හේමාලෝක නායක ස්වාමින් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා ද උන්වහන්සේ වෙත සිහිවටන තිළිණයක් පූජා කළේය.

මහා සංඝරත්නය ද, රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් ද, විහාරස්ථ දායක සභාවේ සභාපති අජිත් බස්නායක මහතා ඇතුළු දායක සභාව සහ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

Related posts

පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට[AUDIO]

Mohamed Dilsad

ලබන 7 වැනිදා පාර්ලිමේන්තුව කැඳ වීමට සුදානම්

Mohamed Dilsad

මත්ස්‍ය නිෂ්පාදය මෙ.ටො. 812,000 දක්වා ඉහළ නැංවීමේ සැලසුම්

Mohamed Dilsad

Leave a Comment