ක්‍රීඩා

අප්‍රිකාව සමග විස්සයි-20 ට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

(UTV| කොළඹ) – සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි-20 තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (08) ක්‍රිකට් ආයතනය නිවේදනය  කළේය.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේද අනුමැතිය හිමිව තිබේ.

තරග තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල්ද සංචිතයට නම්කර ඇත.

විස්සයි20 තරගය එළැඹෙන 14 දා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරාං, ධනංජයද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, ශෙහාන් ජයසූරිය, ශෙහාන් මධුශංක, ළහිරු කුමාර, දිනේෂ් චන්දිමාල්, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන්, බිනුර ප්‍රනාන්දු.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් තවත් නේවාසික පුහුණු සැසිවාරයක්

Mohamed Dilsad

LPL-2020 තරඟාවලිය COVID19 කාර්ය සාධක බලකායේ අවසරය

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment