ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් තවත් නේවාසික පුහුණු සැසිවාරයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රීඩකයින් පිරිසක් වෙනුවෙන් තවත් නේවාසික පුහුණු සැසිවාරයක් සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ලබන සඳුදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී එය ආරම්භ වීමට නියමිත අතර , දින 10 ක් පුරා එය පැවැත්වීමට නියමිතය.

මෙම පුහුණු සැසිවාරය සඳහා පුහුණුකරුවන් හා සහය කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඊට එක්වෙනු ඇත.

කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රීඩකයින් සහභාගී වන දෙවන පුහුණු සැසිවාරය මෙය වන අතර , සෞඛ්‍ය නිර්දේශවලට අදාළව මෙම පුහුණු සැසිවාරය සැලසුම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

එසේම , මෙවර 20 යි 20 ලෝක කුසලාන තරඟමාලාව සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී ඒසාන් මානි මහතා අනාවැකි පල කරයි.

අවම වශයෙන් එය තවත් වසරක් පමණ කල් දැමීමට සිදුවන බව ඔහු මත පල කරයි.

Related posts

රයිනා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමු දෙයිද?

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

Mohamed Dilsad

නවසිලන්ත ක්‍රිකට් සේවකයන් ඉවත් නොකිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment