ප්‍රමුඛ පුවත 1

ජකර්තා මූලධර්ම පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

(UTV| කොළඹ) – ජකර්තා මූලධර්ම පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීම ඊයේ (25) කොළඹ දී ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

ලොව පුරා දූෂණයට එරෙහිව ක්‍රියාකරන ආයතන ශක්තිමත් කිරීමේ අරමුණින් 2012 වසරේ දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී රැස්වූ රටවල් 88 කට අයත් සංවිධාන සහ ආයතන විසින් පැමිණි එකගතා, ජකර්තා මූලධර්ම ලෙසින් හැදින්වෙන අතර, එහිදී එළිදක්වන ලද ප්‍රකාශය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙවර සමුළුව කොළඹ දී සංවිධානය කොට ඇත.

මේ අවස්ථාවට නීතිපති ජයන්ත ජයසූරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසූරිය මහතා, අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඇතුඑ කොමසාරිස්වරු ද, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද කාර්යාංශයේ ප්‍රධානී Candice weisch,  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ලෝක දූෂණ විරෝධී ව්‍යාපෘතියේ කළමනාකාර Anga Timilsina, ඉන්දුනීසියාවේ දූෂණය තුරන් කිරිමේ කොමිසන් සභාවේ කොමසාරිස් Laode M syarif,  මැලේසියාවේ සුපිළිපන්භාවයේ සහ දූෂණයට විරෝධී පාලනයක් උදෙසා ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්   Tan Sri abu Kassim bin Mohamed,  ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන් ද සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතු`එ විශාල පිරිසක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහ තායිලන්ත අගමැති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනී

Mohamed Dilsad

රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මැති ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

මහාචාර්ය සරත් විජේසූරියට අභියාචනාධිකරණයෙන් කැඳවීමක්.

Mohamed Dilsad

Leave a Comment