ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව මීළඟ පාර්ලිමේන්තු සැසියේදී

 

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව මේ මස 23 වැනිදා හෝ 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළේය.

මේ වනවිට අවසන් වාර්තාව සකස් කිරීමේ කටයුතු සිදුවන බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඊට අදාළව කමිටු රැස්වීම් කිහිපයක් මේ වනවිටත් පවත්වා ඇති අතර, තවත් කමිටු රැස්වීමක් මේ මස 17 වැනිදා පැවැත්වීමට නියමිත බවයි

මින් පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කෙරුණු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර සාක්ෂි ලබා දී තිබේ.

ආරක්ෂක අංශ, බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද මීට අමතරව සාක්ෂි ලබාගැනීම සඳහා තේරීම් කාරක සභාව හමුවට කැඳවනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ සිකුරාදා දිනය අදයි

Mohamed Dilsad

ඇමති අකිල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට

Mohamed Dilsad

රුහුණු විශ්වවිද්‍යාලයට එරෙහිව දුන් අධිකරණ නියෝගය

Mohamed Dilsad

Leave a Comment