ප්‍රමුඛ පුවත 1

විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද

(UTV| කොළඹ) – රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ආරම්භ වේ.

අද(16) විශේෂ මහාධිකරණයේ පළමු නඩුකටයුත්ත ලෙස විභාග කිරීමට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේ යන අයට විරුද්ධව ගොනු කළ චෝදනාවය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අරමුදල් ආයෝජන ව්‍යාපෘතියක් ලෙස හයට් හෝටල් ව්‍යාපෘතියට යෙදවීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල විය.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිටවූ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට , මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න යන මහත්වරුන් හා චම්පා ජානකී රාජරත්න මහත්මිය ඇතුළත් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලෝක මී මැසි දිනය සැමරේ

Mohamed Dilsad

මාස 6 තුළ මිලියන 18ක බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට.

Mohamed Dilsad

ඉඩම් කෙටුම්පත් ගැන තීරණයක් ගන්න පක්‍ෂ නායක හමුව රැස්වේ

Mohamed Dilsad

Leave a Comment