ප්‍රමුඛ පුවත 1

ලෝක මී මැසි දිනය සැමරේ

(UTV| කොළඹ) – ලෝක මී මැසි දිනය අදට යෙදී තිබේ.

සෑම වසරකම මැයි මස 20 වන දින  ලෝක මී මැසි දිනය සමරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය රටවල් 53 ක් සමඟ එක්ව මෙම ලෝක මීමැසි දිනය සමරයි.

මෙවර මී මැසි දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන අන්දමට පසුගිය දශකය පුරා මී මැස්සන්ගේ ජනගහන අනුපාතය පහළ ගොස් ඇති බවයි.

උතුරු කැරොලිනා ප්‍රන්ත විශ්ව විද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂණයකට අනුව ඔවුන් අනාවරණය කැඅ ගෙන ඇත්තේ ලෝකය තුළ සිදුවන පලිබෝධ නාශක භාවිතය, දේශගුණික විපර්යාස මෙන්ම ඉඩම් පරිහරණයේ සිදුවන වෙනස්කම් මී මැස්සන් වදවීම කෙරෙහි බලපා ඇති බව ආහාර කෘෂිකර් සංවිධානය පෙන්වා දෙයි.

ලොව පුරා පරාගන කාර්යයේදී මී මැස්සන් මගින් විශාල කාර්ය භාරයක් සිදුවන අතර  මී මැස්සන් ආරක්ෂා කිරීමට සංවිධානාත්මක ක්‍රියාවලියක්  අත්‍යාවශ්‍ය බව මේ සම්බන්ධයෙන් පර්යේෂණය කරන පර්යේෂකයෝ පෙන්වා දෙති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදීන්ට වෘත්තීමය සුදුසුකම් සහිත විධිමත් පුහුණුවක්

Mohamed Dilsad

යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

හදිසි විදුලි මිලදී ගැනීමක් සිදු කිරීමට සමාගම් 03 ක් තෝරාගිනියි…

Mohamed Dilsad

Leave a Comment