ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදීන්ට වෘත්තීමය සුදුසුකම් සහිත විධිමත් පුහුණුවක්

(UTV|කොළඹ) – මාධ්‍යවේදීන්ට වෘත්තීමය සුදුසුකම් සහිත විධිමත් පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් ආචාර්ය ආර්.එස්.එම්. සමරතුංග මහතා ඊයේ (02) නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව එම වැඩපිළිවෙළ සකස් කළ යුතු බවත් එහිදී  මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මාධ්‍යවේදීන් වෙනුවෙන් රජය පිළිගත්  වැඩපිළිවෙළක් සකස්  විය යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

රජයට පරිබාහිරව වෘත්තීය මාධ්‍යවේදීන් රැසක් සිටින බව පෙන්වා දුන් ලේකම්වරයා ඔවුන් සඳහා ද වෘත්තීය සුදුසුකමක් ලබාදිය යුතු ආයතනයක් කටයුතු කළ යුතු බව ද ඒ මහතා පැවසීය.

ඒ මහතා ප්‍ර‍කාශ කළේ මෙම වැඩපිළිවෙළ ඉතා කඩිනමින් ආරම්භ කර එය රජයට ඉදිරිපත් කළ යුතු බවයි.

පසුගියදා ජනාධිපතිතුමා සමඟ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සිදු කළ සාකච්ඡාවේදී එවැනි අවශ්‍යතාවක් තිබෙන බවට කරුණු ඉදිරිපත් වූ බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අතරමැදියන්ට හසු නොවන්න,ජපන් රැකියා වලට අයදුම් කරන හැටි මන්ත්‍රී මනුෂ කියයි

Mohamed Dilsad

මන්ත්‍රී විමල් අධීකරණයේදී නීතිඥ සහය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ජනපති ඇමෙරිකාවට

Mohamed Dilsad

Leave a Comment