ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

(UTV| කොළඹ) – වෛද්‍යවරුන්ට අදාළව නොවිසිඳුණු ගැටලු ගණනාවකට විරෝධය පළ කරමින් මෙම සතිය ඇතුළත දීප ව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා මාධ්‍ය වෙත පැවසීය.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වෙත ලිඛිතව සහ වාචිකව දිගින් දිගටම කරුණු දැක්වුවද ඒ සම්බන්ධයෙන් මතෛක් ප්‍රතිචාරයක් නොලැබුණු බව එම හෙතෙම පෙන්වා දෙයි.

වෛද්‍යවරුන්ගේ රැඳී සිටිමේ හා ප්‍රවාහන දීමනාව යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වී ඇතත් ඒ පිළිබඳ ප්‍රතිචාර නොලැබිම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සකස් කළ ලියවිල්ල පාදක කරගත් ගැසට් නිවේදනය මේ දක්වා නිකුත් නොකිරීම, නව දේශීය ආදායම් පනත හරහා වෘත්තීයවේදීන්ට එල්ල වී ඇති අහිතකර බලපෑම, ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් අධිකරණ ක්ෂේත්‍රයට පමණක් මූලික වැටුප් ඉහළ නැංවීමට ගෙන ඇති තීරණය, අන්තර් ජාතික වෙළෙඳාම පිළිබඳ සැබෑ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම වැනි අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම හරහා රටේ රැකියා වෙළෙඳ‍පොළ අනතුරට ලක් කිරීම ඇතුළු ඉල්ලීම් 10 ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියාට මගින් දැන්වුවද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව ඒ මහතා සඳහන් කළේය.

දිගින් දිගටම මෙම කරුණු සම්බන්ධයෙන් විසඳුම් නොලැබිම හේතුවෙන් අද (16) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව රැස් වන අතර එළැඹෙන 19 වැනිදා හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පවත්නා වර්ජනය සඳහා දිනය නියම කර ගන්නා බව හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාජ පුද්ගලයන් හා ආයතන ගැන අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

පළාත් කීපයකට අද මිලිමීටර් 100 දක්වා තද වැසි…

Mohamed Dilsad

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment