ප්‍රමුඛ පුවත 1

ඉඩම් කෙටුම්පත් ගැන තීරණයක් ගන්න පක්‍ෂ නායක හමුව රැස්වේ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

ඒ මතභේදයට තුඩු දුන් ඉඩම් විශේෂ විධීවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

මෙම රැස්වීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ලබන සිකුරාදා විවාදයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම පනතට එරෙහිව අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව එම විවාදය බොහෝ දුරට කල්දැමීමට මෙම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරෙනු ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය මණ්ඩලය අද රැස් වීමට නියමිතයි

Mohamed Dilsad

ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක්,ළඟදීම ගම් පෙරළිය වැඩසටහනින්

Mohamed Dilsad

මෙරට නිපදවන බෝට්ටු සහ නෞකා අපනයනය 50%ක වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment