ප්‍රමුඛ පුවත 1

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් නැමති මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ මගින් අද(08) අළුයම 12.10 ට පමණ කටුනායක ගුවන් තොටුපල පර්යන්තයේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි ගුවන් යානයෙන් පැමිණි මගියෙක් සමඟ මෙම මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී මෙත්ඇම්පිටමින් නොහොත් අයිස් කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 623 ක් ඉතා සූක්ෂම ලෙස ගමන් බෑගයේ ව්‍යාජ පතුලක සඟවා ගෙන පැමිණ ඇත්තේ වයස අවුරුදු 25 ක් වු ලාඕස් ජාතිකයෙක් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති රනිල් ජනාධිපතිවරණයට?

Mohamed Dilsad

මදුෂ්ගේ ගෝලයින් සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

ඇමති රිෂාඩ් යාපනයේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment