ප්‍රමුඛ පුවත 1

පිපිරීම් වලට සම්බන්ධ බවට සැක පිට තවත් 18ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ප්‍රදේශ කිහිපයකට එල්ලවූ ප්‍රහාරවලට අදාළව ඊයේ(23) රාත්‍රියේ තවත් පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සහ හමුදාව එක්ව සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් අළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙක් ද බේරුවල පොලිස් වසමේ කන්කාවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් 05 දෙනෙක් ද කටාන කටුවාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

තවද වරකාපොල, අගුරුවැල්ල පාර මස්ජිත් මාවතේ නිවසක් පෙලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් සහ බුද්ධි අංශ නිලධාරින් විසින් පරික්ෂා කර තිබේ.

එහිදී යතුරුපැදියක් සහ වෝකිටෝකි යන්ත්‍ර 04ක් සඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් සහ අදාළ පරික්ෂණ කටයුතු සිදු කරන බව පොලීසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පස්වරුවේ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

මේ මස 04 වැනිදා රජයේ විධායක සේවා නිලධාරීන් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

සෙටොගිරි නෞකාව ත්‍රිකුණාමලය වරායට ‍සේන්දු වෙයි

Mohamed Dilsad

Leave a Comment