ක්‍රීඩා

ශ්‍රී ලංකාව ලකුණු 272ක් ඉදිරියෙන්

(UTV| කොළඹ) – සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි  පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 111ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 272ක් ඉදිරියෙන් පසුවෙයි.

දිනය නිමා වන විට ඇන්ජලෝ මැතිව්ස් (14) හා රොෂේන් සිල්වා (10) නොදැවී පන්දුවට පහරදෙමින් සිටියහ.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 287ක් රැස්කළ අතර පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට සිය පළමු ඉනිමට රැස්කළ හැකිවූයේ ලකුණු 126ක් පමණි.

අද (14) තරගයේ තෙවැනි දිනයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇෆ්ගනිස්ථාන ක්‍රිඩක මොහොමඩ් ශේෂාර්ඩ්ට තරඟ තහනමක්

Mohamed Dilsad

ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට – එංගලන්තයට එරෙහි එක්දින සංචිතයෙන් මැතිව්ස් ඉවතට

Mohamed Dilsad

සංජු සැම්සන්ගේ IPL වාර්තා

Mohamed Dilsad

Leave a Comment