ක්‍රීඩා

සංජු සැම්සන්ගේ IPL වාර්තා

(UTV | ඉන්දියාව) – මෙරව IPL ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් ඊයේ සමත්වුණා. ඒ, පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 63 කදී ලකුණු 119 ක් රැස් කරමින්. කෙසේවෙතත්, මෙම තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කළේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දි කඩුළු 06 ක් දැවී ලකුණු 221 ක් රැස්කළා. එම ඉලක්කය හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඩුළු 07 ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 217 ක් පමණයි.

මෙවර IPL තරගාවලියට එක්ව සිටින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්‍ෂ ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරනවා.

Related posts

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව දීමට තීරණය කරයි

Mohamed Dilsad

තරඟාවලිය ප්‍රතික්ෂේප කළ මෙරට 10 දෙනාට පාකිස්තාන නායකයාගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment