විදෙස්

උතුරු කොරියාව ට්‍රම්ප්ට අභියෝග කරයි

(උදයම්,උතුරු කොරියාව)  – උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි. උතුරු කොරියාව මෙම මිසයිලය අත්හදා බලු බව දකුණු කොරියාව ප්‍රකාශ කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස බලයට පැමිණීමෙන් පසු උතුරු කොරියාව විසින් සිදුකල පළමුවන මිසයිල අත්හදා බැලීම මෙය වීම විශේෂත්වයකි.

එය උතුරු කොරියාව ට්‍රම්ප් ජනාධිපතිවරයාට එල්ල කළ ඍජු අභියෝගයක් ලෙස සලකනු ලබයි.

කොරියානු වේලාවෙන් උදෑසන 7.55 ට පමණ මෙම මිසයිලය අත්හදා බලා ඇති අතර එය කලින් හඳුනා නොගත් මාදිලියක මිසයිලයක් බවයි විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන් කළේය. මෙම මිසයිලය ජපාන මුහුද වෙත එල්ල කර තිබේ.

උතුරු කොරියාව පසුගිය වසරේදී න්‍යෂ්ටික අත්හදාබැලීම් කිහිපයක්ද සිදු කළේය.

ඔවුන් මෙලෙස සිදුකරන න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් කලාපයට තර්ජනයක් ලෙසයි සැළකේ.

ජනපති ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් පසුගිය සතියේ දකුණු කොරියාවේ සංචාරය කරමින් ප්‍රකාශ කළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප්‍රහාරයකට දැවැන්ත ප්‍රතිචාරයක් දක්වන බවය.

Related posts

ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad

චාර්ල්ස් රජු රෝහල්ගත කරයි.

Editor O

කොරෝනා ප්‍රතිදේහ පරීක්ෂාවන් අවදානම් බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment