විදෙස්

ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්

ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් යටකරමින් ලොරියක් ධාවනය කිරීම හේතුවෙන් සොල්දාදුවෝ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඉන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.
බස් රථයකින් බැසයන සොල්දාදුවන් පිරිසකට මෙම ට්‍රක් රථ ප්‍රහාරය එල්ලවූයේ ජෙරුසලමේදී ය.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව ඊශ්‍රායල් පොලිසිය නිවේදනය කර තිබේ.
ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිස එල්ලකළ වෙඩි ප්‍රහාරයෙන් ලොරියේ රියදුරා මරණයට පත් වූ බව ඊශ්‍රායල් පොලිසිය පැවසීය.
පොලිස් නිවේදනයේ දැක්වෙන්නේ මිය ගිය සිව්දෙනාගෙන් තිදෙනෙකුම කාන්තා සොල්දාදුවන් බවය.
ලොරියේ රියදුරා නැගෙනහිර ජෙරුසලමෙන් පැමිණි අරාබි ජාතිකයෙකු බව ඊශ්‍රායල් පොලිසිය ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා IS සංවිධානයේ ආධාරකරුවෙකු බව පෙනෙන්නට ඇති බවය.
මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව ඊශ්‍රායල් පොලිසිය නිවේදනය කරයි.

 

Related posts

ඩෙල්ටා ප්‍රභේදය රටවල් 92ක් පුරා

Mohamed Dilsad

චීන ටික්ටොක් තරුව දොඹකරයෙන් බිමට වැටී ජීවිතක්‍ෂයට පත්වෙයි

Mohamed Dilsad

දකුණු කොරියානුවන් තරුණ වෙයි

Mohamed Dilsad

Leave a Comment