විදෙස්

කොරෝනා ප්‍රතිදේහ පරීක්ෂාවන් අවදානම් බවට අනතුරු ඇඟවීමක්

(UTV | කොවිඩ් 19) – නිසි නියාමනයකින් තොරව සිදු කෙරෙන කොරෝනා වෛරස් ප්‍රතිදේහ පරීක්ෂාවන් ජනතාව අවදානමට ලක් කරන බවට වෛද්‍ය විද්‍යාඥයන් අනතුරු අඟවයි.   

මේ නිසා ජනතාව වෙත කොරෝනා වෛරස් ප්‍රතිදේහ කට්ටල ඍජුව නිකුත් කිරීම සම්බන්ධයෙන් දැඩි සීමාවන් ක්‍රියාත්මක විය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

රෝග විනිශ්චය පිළිබඳ බ්‍රිතාන්‍ය රාජකීය ආයතනය ඒ සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක්ද යොමුකර ඇති බව සඳහන්.

එමෙන්ම කොරෝනා වෛරසයට එරෙහිව ශරීරය තුළ ගොඩනැගෙන ප්‍රතිදේහ මගින් දෙවැනි ආසාදනයක් වළක්වන්නේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව ද වාර්තා වෙයි.

Related posts

බෝට්ටුවක් පෙරලී ධීවරයින් 15ක් අතුරුදන්

Mohamed Dilsad

කැනඩාවේ කොවිඩ් ආසාදන තවදුරටත් ඉහළට

Mohamed Dilsad

සිරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් තදින්

Mohamed Dilsad

Leave a Comment