ප්‍රමුඛ පුවත 1

2018 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද

(UTV|ලන්ඩනය) – ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.

“පොදු අනාගතයක් වෙත” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේදී සෞභාග්‍යය, සුරක්ෂිතබව, සාධාරණත්වය, තිරසරබව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු වනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටා රාජ්‍යයේ වන අතර දැනට එහි සභාපති ධූරය දරන මෝල්ටාව මෙවර සැසියේදී එම සභාපතිත්වය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතය.

හෙට සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා සිදු කෙරෙන ජනාධිපතිතුමාගේ නිල සංචාරය තුළදී බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය වන තේරේසා මේ මහත්මිය හමුවීමට ද නියමිත අතර, පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් කිහිප පළක් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

මෙම රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට අමතරව ජනාධිපතිතුමා විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය ඇමතීමට නියමිතව තිබෙන අතර, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ද ජනාධිපතිතුමා වෙත ඇරයුම් ලැබී තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකට ද සහභාගීවන ජනාධිපතිතුමා ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද එක්වනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහබැංකු බැඳුම්කරයේ මහ මොළකරු ගැන හෙළි කිරීමක්

Mohamed Dilsad

අලුත්ගම කන්දෙ විහාරාධිපති හිමියන් අපවත් වෙයි…

Mohamed Dilsad

බස් ගාස්තු ඉහළ දැමෙන නව කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment