ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු ඉහළ දැමෙන නව කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට

(UTV| කොළඹ) – අවම බස් ගාස්තුව රුපියල් 12 ක් දක්වා ඉහළ දැමෙන සහ සියයට 12.5 කින් බස් ගාස්තුව ඉහළ නැංවෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන අඟහරුවාදා රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඊයේ පස්වරුවේ බස් ගාස්තුව සම්බන්ධයෙන් සංගම් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව පැවසීය.

මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ සියයට 6.56 ක ගාස්තු සංශෝධනයට විරෝධය පළ කරමින් සංගම් කිහිපයක් ඊයේ(16) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් විය.
මෙම සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ ඇති කරගත් එකඟතාවට අනුව පසුව වර්ජනය එය අත්හිටවනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඇමති රිෂාඩ් ලන්ඩනයේදී ජනපති සමඟ ශ්‍රීලාංකිකයින් හමුවෙයි

Mohamed Dilsad

ස්විස් නිලධාරිනියගෙන් තවදුරටත් ප්‍රකාශ

Mohamed Dilsad

සහරාන් හෂීම්ගේ දියණියව ඔහුගේ බිරිඳගේ දෙමව්පියන් භාරයට පත් කිරීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment