Trending News

69 වන නිදහස් සැමරුමට ජනපති සහ අගමැතිගෙන් සුබපැතුම්

(උදයම්,කොළඹ) – යුක්තිය සාධාරණත්වය මත පදනම් වූ අභිනව දේශයක සාමයෙන් සපිරි ජන සමූහයක් ලෙස ජීවත් වීම තුළින් නිදහස අර්ථවත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අදට යෙදෙන 69 වන නිදහස් සමරුව වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

නිදහස අර්ථවත් කිරීමට නම්, දුගී බවින් මිදීම පමණක් නොව මානව හිමිකම් සහ යුක්ති ධර්මය අගයන සමාජයක ආධ්‍යාත්මික සහ සංස්කෘතික දරිද්‍රතාව ද නැති විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

නිදහස් සටන වෙනුවෙන් කැප වූ සියලූ දෙනාට සදා ණයගැති වන බව ප්‍රකාශ කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස නමින් වර්ණ ගැන්වූ අඳුරු යුගයකින් අප නිදහස්ව සිටින බව ද සිහිපත් කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය නිදහස් දින පණිවුඩයෙන් පවසන්නේ දේශයක් ලෙස අප ලබා ඇති නිදහස වඩා අර්ථවත් කර ගැනීම සැමගේ වගකීමක් බවය.

ගෙවුණු දෙවසර තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මිත්‍රශීලී ජාත්‍යන්තර සබඳතා වර්ධනය, මානව හිතවාදී සාමකාමී රටක් ගොඩ නැගීමට පදනම සැකසීම වැනි ජයග්‍රහණ රැසක් දිනාගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අභිමානවත් දේශයක් ගොඩ නැගීමට ස්වාර්ථය පසෙකලා කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

තරුණ පරම්පරාවට වඩා පාලකයන්ට නිදහසේ සහ ස්වාධිපත්‍යයේ වැදගත්කම ඒත්තු ගැන්විය යුතු කාලයක් උදා වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිදහස් දින පණිවුඩයෙන් ප්‍රකාශ කරයි.

යටත්විජිතවාදීන් ඉතුරු කළ රාජ්‍ය සම්පත් සුරක්ෂිත කර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

IS Leader in first video for 5-years

Mohamed Dilsad

எல்பிட்டிய பிரதேச சபை தேர்தல் ஒக்டோபர் மாதத்தில்

Mohamed Dilsad

Netflix acquires Andy Serkis’ “Animal Farm”

Mohamed Dilsad

Leave a Comment