විදෙස්

ට්විටර් ට්‍රම්පට එරෙහි වෙයි

(උදයම්,කොළඹ)  – ජනාධිපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දියත් කිරීම සදහා ඇමරිකානු සිවිල් අයිතීන් සුරැකීමේ සංගමයට ට්විටර් සමාගමේ සේවකයන් ඇමරිකානු ඩොලර් මිලියන 1 යි දශම 6 කට ආසන්න මුදලක් පිරිනමයි.

ඒ සදහා ට්විටර් ප්‍රධාන විධායක ජැක් ඩෝසේ සහ විධායක සභාපති ඔමිඞ් කෝඩෙස්ථානි ඇතුළු ට්විටර් සේවකයන් දහසක් පමණ දායක වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වන විට ඇමරිකානු සිවිල් අයිතීන් සුරැකීමේ සංවිධානය ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි නීතිමය පියවර සදහා රැස් කර ගෙන ඇති මුදල ඩොලර් මිලියන 24 කට ආසන්නවේ.

ජනාධිපති ට්‍රම්ප් ට්විටර් සමාජජාල පණිවුඩ සේවාව නිරන්තරයෙන් භාවිත කරන්නෙකු වීම ද විශේෂත්වයකි.

Related posts

බී2 ප‍්‍රහාරයෙන් ඉරාන බලාගාර විනාශ වී නෑ

Editor O

ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් වෙත අමෙරිකාවේ නීති සම්පාදකයින්ගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

ෆිජි දුපත් වලට සහ බ්‍රිතාන්‍යට භූ කම්පන වලින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment