විදෙස්

ෆිජි දුපත් වලට සහ බ්‍රිතාන්‍යට භූ කම්පන වලින් බලපෑම්

(උදයම්, ෆිජි ) –
රිච්ටර් මාපාංක 6.9ක අගයක් සටහන් කරමින් ෆීජි දූපත් සමුහය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවිය.

අද උදෑසන මෙම භූ කම්පනය සිදුව ඇත්තේ ෆීජි හි සුවා ප්‍රධාන නගරයට කිලෝමීටර් 284ක් නිරිතදිග මුහුද ප්‍රදේශයට වන්නට බවයි වාර්තා වන්නේ.

භූ කම්පනයෙන් අනතුරුව එරට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත්කර ඇත.

නමුත් මේ වනවිට එම අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර රිච්ටර් මාපාංක 3.8ක් ලෙස දක්වමින් බ්‍රිතාන්‍යයයේද සුළු භූ කම්පන තත්වයක් අද වාර්තා වී වුණි.

එම භූ කම්පනය සිදුව ඇත්තේ උතුරු යෝක්ෂේයර් සිට සැතපුම් පහක් පමණ දුර මුහුදේ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි .

Related posts

දකුණු ගාසා තීරයට රැගෙන යන ආධාර අතරමගදී කොල්ලකයි

Editor O

චීනයට නිධානයක් පහළ වෙයි.

Editor O

අධික ශීතල හේතුවෙන් යුරෝපයේ මරණ 55ක්

Mohamed Dilsad

Leave a Comment