විදෙස්

ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් වෙත අමෙරිකාවේ නීති සම්පාදකයින්ගෙන් දැනුම්දීමක්

(UTV | ඇමරිකාව) – කෝවිඩ් එන්නත පිළිබඳ වැරදි තොරතුරු පතුරුවා හරින ගිණුම් 12 ක් තහනම් කරන ලෙස අමෙරිකාවේ නීති සම්පාදකයින් විසින් ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් ආයතන වෙත දැනුම් දී තිබේ.  

අදාළ ව්‍යාජ ප්‍රවෘත්ති පළ කරන ආකාරය පිළිබඳ එක්සත් ජනපද කොංග්‍රස් සැසියකදී එහි නියෝජිත මයික් ඩොයිල් විසින් දැනුම් දී ඇති අතර එහිදී ඔවුන්ගේ ගිණුම් අත්හිටුවන ලෙස ඉල්ලා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව එම ගිණුම්හි ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝණයකර ඇති ආකාරය සොයා බලා ගිණුම් අත්හිටුවීම සම්බන්ධයෙන් සලකාබලන බව ෆේස්බුක් ආයතනය දැනුම් දී ඇත.

නමුත් ඒ සම්බන්ධයෙන් ට්විටර් සහ ගූගල් ආයතන කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

Related posts

ඉබෝලා වෛරසය යළි හිස ඔසවන ලකුණු

Mohamed Dilsad

ඉන්දියාවට GSP තීරු බදු සහනය අහිමි වෙයි.

Mohamed Dilsad

මාර්ෂල් දිවයිනේ පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment