ක්‍රීඩා

අන්තර්පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය අද

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර්පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වේ.

මෙම තරගාවලිය මාර්තු 30 සිට අප්‍රේල් 24 දක්වා කොළඹ, දඹුල්ල, ගාල්ල හා මහනුවර යන කණ්ඩායම් හතරේ සහභාගීත්වයෙන් සිව්දින තරග ලෙස තරග හයක් පිටපළාත්වලදී පැවැත්වෙනු ඇත.

අන්තර් දිස්ත්‍රික්ක, අන්තර් පළාත් සහ ජාතික මට්ටමින් දස්කම් දක්වා ඇති ක්‍රීඩකයන් අසූවක් තෝරා ඔවුන් අතුරින් ද විශේෂ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් හැටක සහභාගීත්වයෙන් තරඟාවලිය පැවැත්වේ.

කණ්ඩායම් හතරටම රෝස පැහැති පන්දුවෙන් සිව්දින දිවා /රාත්‍රී තරගයකට බැගින් සහභාගිවීමට ද අවස්ථාව උදාවේ. කණ්ඩායමේ හතරේ නායකයන් වන්නේ දිනේෂ් චන්දිමාල්- කොළඹ, දිමුත් කරුණාරත්න -දඹුල්ල, සුරංග ලක්මාල් -ගාල්ල සහ ඇන්ජලෝ මැතිව්ස්-මහනුවර.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/CHAMPIONS-TROPHY-01.jpeg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/CHAMPIONS-TROPHY-02.jpeg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/CHAMPIONS-TROPHY-03.jpeg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වසර 9 කට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන සුපිරි වේගපන්දු යවන්නා

Mohamed Dilsad

නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කරයි..

Mohamed Dilsad

තිසර පෙරේරාගේ අළුත්ම ව්‍යාපාරය

Mohamed Dilsad

Leave a Comment