ප්‍රමුඛ පුවත 1

යුද්ධ හමුදාධිපතිවරයා යාපනය අඟරඳගුරු හමුවෙයි

(UTV|යාපනය) – යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති හමුදාමය සාකච්ඡා කිහිපයකට සහභාගිවීමට යාපනයට අර්ධද්වීපයේ කල සංචාරයක් අතරතුර ඊයේ (29) දින පස්වරුවේ යාපනය අඟරඳගුරු ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රගාසම් හමුවිය.

මෙම සුහද හමුවේදී, පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයින් පිළිබඳ මෙන්ම පස් අවුරුදු සැලැස්මක් යටතේ නිදහස් කරන ලද ඉඩම් සහ සියලු ජනවර්ගයා අතර සංහිඳියාව ඇති කිරීම වැනි කරුණු රාශීයක් පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ද සහභාගි විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දරුවන්ට දරාගත හැකි අධ්‍යාපනයක් දිය යුතුයි -අගමැති

Mohamed Dilsad

මහ මැතිවරණයේ වියදම මිලියන 7000 කට ආසන්නයි

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගෙන් මහාධිකරණයට අභියාචනා පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment