ප්‍රමුඛ පුවත 1

පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනාධිපති අතින් විවෘත වෙයි

(උදයම්,කොළඹ) – අයි.ඩී.එච් ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ ඉදිකළ පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විවෘත කරන ලදී.

[ot-caption title=”ජනපති සමරු ඵලකය විවෘත කරමින්” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/PRESIDENT-23456-UDM-SIN.jpg”]

නව වාට්ටු සංකීර්ණය විවෘත කරමින් එහි ප්‍රථම රෝගියා ලියාපදිංචි කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වාට්ටු සංකීර්ණයේ සහ දන්ත සායනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වී තිබේ.

[ot-caption title=”ප්‍රථම රෝගියා ජනාධිපති විසින් ලියාපදිංචි කිරීම” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/PRESIDENT-2345-UDM-SIN.jpg”]

මෙම පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීමේ අරමුණින් යුද හමුදාවේ දායකත්වයෙන් ඉදි කර තිබේ.

ඉදිකිරීම් කටයුතු සඳහා සැපයූ දායකත්වය අගයකරමින් බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදත්ත රණසිංහ මහතාට සහ එම රෝහලට හෙද නිලධාරීන් යොමු කිරීම වෙනුවෙන් නාවික හමුදාව වෙත ජනාධිපතිවරයා විසින් මෙහිදී සමරු තිලිණ ප්‍රදානයක් ද සිදුකෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

[ot-caption title=”ජනාධිපතිවරයා විසින් සමරු තිළිණය ප්‍රධානය කිරීම ” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/PRESIDENT-234567-UDM-SIN.jpg”]

Related posts

ඊයේ කොවිඩ් මරණ 48-ආසාදිතයින්1688යි

Mohamed Dilsad

මරණ දඬුවම දිය යුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් අධිකරණ අමාත්‍යංශයට

Mohamed Dilsad

ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment