ක්‍රීඩා

කොදෙව්වන් පකිස්ථානු සංචාරයකට සුදානම්

(UTV| කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ තරග සංචාරයකට එක්වීමට සුදානම්  වෙයි.

අප්‍රේල් මස ආරම්භයේදී කොදෙව්වන් මෙම සංචාරයට එක්වන බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නජිම් සේති ප්‍රකාශ කර ඇත.

මෙහිදී 20 යි 20 තරග 3 කට සහභාගී වීමට නියමිත අතර ඒවා කරච්චිහිදීයි පැවැත්වීමට සැලසුම් කර තිබේ.

2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව කරච්චි නුවරදී පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගය මෙය ලෙසට ඉතිහාසයට එක්වනු ඇති.

එම ප්‍රහාරයෙන් පසුව පකිස්ථානයට පැමිණෙන ජාත්‍යන්තර කණ්ඩායම් තරග වැදුනේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය.

ඒ පවතින අවදානම් තත්වය හේතුවෙනි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තවත්තියුණු තරඟ දෙකක් අද

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නවතම ශාරීරික යෝජ්‍යතා සහතිකය මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණු 287ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment