සුළි කුණාටුවෙන් පසු නිර්මාණය වූ ආපදා තත්ත්වය සහ ඉන් පීඩාවට පත් ජනතාවගේ වත්මන් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) විසින් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
සුළි කුණාටුවත් සමඟ හටගත් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවතැන් වූ පවුල් දහස් ගණනක් තවමත් දැඩි අසීරුතාවට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනාවරණය කරයි.
පවුල් 48,350 ක් පමණ ස්වකීය නිවෙස්වලින් බැහැරව තාවකාලිකව ඥාති හිතමිත්‍රාදීන්ගේ නිවාසවල හෝ කුලී පදනම මත ලබාගත් ස්ථානවල රැඳී සිටින බවද යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි.
තවමත් පවුල් 2,199 ක් සහන සේවා මධ්‍යස්ථානවල ජීවත් වෙති. අවතැන් වූ පිරිස ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුණද, ඔවුන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර, සනීපාරක්ෂක පහසුකම්, මානසික සෞඛ්‍ය උපදේශනය සහ පවුල් ඒකක විසිර යෑම වැළැක්වීමේ වැඩපිළිවෙළ තවදුරටත් අත්‍යවශ්‍ය වී තිබේ.
සුළි කුණාටුව හේතුවෙන් මෙරට දරුවන් 8,90,000 කගේ අධ්‍යාපන කටයුතු අඩාල විය. මෙයට පාසල් ශිෂ්‍යයන් 8,22,751 ක් සහ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල (පෙර පාසල්) දරුවන් 68,000 ක් ඇතුළත් වන බව එම වාර්තාව පෙන්වා දෙයි.
