Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ලබාදී තිබූ රජයේ ඉඩමක් නැවත රජයට⁣ පවරා ගනී

නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට අයත් අක්කර පහක ඉඩමක් බදු පදනම යටතේ  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ලබා දී තිබේ.

නියමිත පටිපාටියෙන් තොරව මෙම ඉඩම පවරාදීම සිදුකර ඇති අතර බදු කොන්දේසි කඩකිරීම හේතුවෙන් එම ඉඩම නැවත රජයට පවරා ගැනීමට කටයුතු කර තිබේ.

හෙක්ටයාර 2.0234 ක මෙම ඉඩම 2023. 05. 24 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත වසරක් 30ක් සඳහා බදු ඔප්පුවකින් පවරා දී ඇත.

අක්කරයක් රුපියල් 50,000ක පමණ මුදලකට බදු දී ඇති මෙම ඉඩම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බදු කොනදේසි පැහැර හැරීම හේතුවෙන් පසුගියදා බදු ගිවිසුම අවලංගු කොට පවරා ගැනීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මෙම ඉඩම පිහිටි ප්‍රදේශය දියලුම ඇල්ල ඇතුළු ඉහල සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ගණනාවකට පහසුවෙන් ප්‍රවේශ වියහැකි ස්ථානයකි.

Related posts

14 Chinese Nationals remanded for a year

Mohamed Dilsad

கொழும்பில் புத்தளத்து மக்கள் பேரணி : ஜனாதிபதி, பிரதமரிடம் மகஜர் கையளிப்பு…(PHOTOS)

Mohamed Dilsad

போலியான கச்சேரியொன்றை நடாத்தி வந்த பெண் கைது

Mohamed Dilsad

Leave a Comment