Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් පීඩාවට පත්වූවන්ට සහන සලසන්න , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජර්මානු තානාපතිවරයා හමුවෙයි

දිට්වා සුළි කුණාටුව නිසා අසරණ වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ජර්මානු ජනරජයේ මෙරට තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් ( Dr. Felix Neumann) මහතා හමුවී තිබේ.

විපක්ෂ නායක කාර්යාලය පැවසුවේ එහි දී දෙපාර්ශ්වය අතර පවතින ආපදා තත්ත්වය සමඟ උද්ගත වූ ආර්ථික, සමාජීය, පාරිසරික ගැටලු රාශියක් කෙරෙහි අවධානය යොමුවූ බවයි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවතින ආපදා තත්ත්වයත් ඉන් පසුව උද්ගත විය හැකි පශ්චාත් ආපදා තත්ත්වය සහ වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ජර්මානු ජනරජයට ලබා දිය හැකි උපරිම දායකත්වය මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

ඊට අමතරව විපක්ෂ නායකවරයා ඉල්ලා ඇත්තේ අත්‍යාවශ්‍ය සේවා සහ රෝහල් සේවා විධිමත්ව පවත්වාගෙන යාමටත්, බිඳ වැටී ඇති දුම්රිය සහ මහාමාර්ග ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට ගැනීමටත් සහාය ලබා දෙන ලෙසයි.

දුම්රිය සේවාව යථාතත්ත්වයට ගැනීම සඳහා ජර්මානු රජයේ විශේෂ දායකත්වයක් ලබා දෙන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

Related posts

இலங்­கைக்கு அன்­ப­ளிப்பு செய்­யப்­படும் பேரீத்­தம்­ப­ழத்தை அதி­க­ரிக்க நட­வ­டிக்கை

Mohamed Dilsad

Seven dead after boat capsizes in Budapest

Mohamed Dilsad

සායනවලින් ඖෂධ ලබා ගන්නන්ට තැපෑලෙන් ඖෂධ

Mohamed Dilsad

Leave a Comment